තායි උද්ඝෝෂකයෝ ඡන්ද අපේක්ෂකයන්ට මග අවුරති

තායිලන්ත මැතිවරණයට ඉදිරිපත් වන ඡන්ද අපේක්ෂකයන් ලියාපදිංචි කෙරෙන ස්ථානය ඉදිරිපිට මග අවුරමින්, රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයෝ වාඩි ලා ගෙන සිටිති.

පොලිසියේ මැදිහත් වීම වළක්වාලීම සඳහා තවත් උද්ඝෝෂකයන් පිරිසක් පොලිස් මූලස්ථානය වටලා රැස්වී සිටින බවයි වාර්තා වන්නේ.

සති කිහිපයක් තිස්සේ පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ වලින් අනතුරුව තායිලන්ත අගමැතිනි යින්ග්ලුක් සිනවත් යළි මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළාය.

නමුත් උද්ඝෝෂකයන් කියා සිටින්නේ මැතිවරණයට පෙර දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර