පකිස්තානයේ හිටපු ජනාධිපතිට එරෙහි නඩුව කල් යයි

රාජද්‍රෝහි චෝදනා මත පකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් ට එරෙහිව පැවැත්වීමට නියමිත ව තිබූ නඩු විභාගය කල් දමා තිබේ.

හිටපු ජනාධිපතිවරයා උසාවිය බලා යන මාර්ගයේ තිබී බෝම්බයක් සොයා ගත් බවට වාර්තා වීමෙන් අනතුරුවයි නඩු විභාගය කල් දමා ඇත්තේ.

පර්වේස් මුෂාරෆ් ට රාජද්‍රෝහි චෝදනා එල්ල වී ඇත්තේ වසර 2007 දී පකිස්ථානයේ ව්‍යවස්ථාව අත්හිටුවා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය මතයි.

නඩු විභාගය ලබන ජනවාරි පළමු වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ඉස්ලාමාබාද් අධිකරණය ප්‍රකාශ කළේය.

සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන හැත්තෑ වියැති මුෂාරෆ් කියා සිටින්නේ දේශපාලන අරමුණු තකා ඉහත කී චෝදනා ගොනු කර ඇති බවයි.

චෝදනා ඔප්පු වුවහොත් හිටපු ජනාධිපතිවරයාට මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර