මැතිවරණ සමයේ බංගලාදේශ හමුදාව සීරුවෙන්

බංගලාදේශයේ පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මැඬලීමේ අටියෙන් එරට හමුදාවේ දහස් ගණනක් රට පුරා මුර සංචාරයේ යොදවා තිබේ.

මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන මාසයේදීයි.

ඡන්ද ගණන් කිරීම අවසන් වන තුරු ස්ථාන ගත කර ඇති සොල්දාදුවන් ඉවත් නොවන බවයි බංගලාදේශයේ මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ.

රට පුරා උද්ඝෝෂණ දියත් කිරීම සඳහා එක් වන ලෙස බංගලාදේශයේ ප්‍රධාන විරුද්ධ පක්ෂ නායිකා ඛලීඩා සියා, ඇගේ ආධාර කරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබුණාය.

මෙම මැතිවරණය ‘විකාරයක්’ වශයෙන් හඳුන්වන ඛලීඩා සියා කියා සිටින්නේ අගමැතිනි ෂෙයික් හසිනා ඉල්ලා අස්වී අපක්ෂපාතී භාරකාර රජයක් පිහිටුවන්නේ නැති නම් මැතිවරණයට සහභාගී නොවන බවයි.

බංගලාදේශ රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.