චීන වගා බිම් අනතුරේ

China pollution

චීනයේ වගා බිම්වලින් හෙක්ටයාර ලක්ෂ තිහකට අධික ප්‍රමාණයක පස දූෂණය වී ඇති බව චීන ආණ්ඩුව පවසයි.

මෙය චීනයේ සමස්ත ගොවි බිම් වලින් සියයට දෙකක ප්‍රමාණයක්.

පසට ලෝහ සහ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වී ඇති හෙයින් එම වගා බිම් ආහාර වගාවට නුසුදුසු බවයි චීන බලධාරීන් පවසන්නේ.

සීග්‍රයෙන් සිදුවන කාර්මික වර්ධනය සහ ගොවිතැන් සඳහා පමණට වඩා රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමත් නිසා චීනයේ ආහාර වල යෝග්‍යතාවය පිළිබඳව මැසිවිලි පළ වී තිබේ.

මේ වසර මුලදී චීනයේ දකුණු පලාතක අලෙවි කළ සහල් ප්‍රමාණයෙන් අඩක පමණ කැඩ්මියම් පිළිකා කාරකය තිබුණු බවට පරීක්ෂණවලින් හෙළි විය.

පස දූෂණය වූ ගොවි බිම් ගොවි තැනට සුදුසු තත්වයට යළි පත් කිරීම සඳහා දියත් කැරෙන ව්‍යාපෘති වෙනුවෙන් චීන රජය ඩොලර් බිලියන ගණනක් වෙන් කිරීමට කටයුතු කරන බවයි එරට ඉඩම් අමාත්‍යංශය පවසන්නේ.