පළමු වතාවට කියුබාවේ මෝටර් රථ මිලදී ගැනීමට අවසර

Image caption එක් වෙළඳසැලක පර්ජෝ 508 රථයක් විකිණීමට තිබුනේ ඩොලර් දෙලක්ෂ හැට දහසකට

විප්ලවයෙන් පසුව ප්‍රථම වතාවට නිදහසේ මෝටර් රථ මිලදී ගැනීමට කියුබානුවාසීන්ට අවසර ලැබිණ.

එහෙත් මෝටර් රථ විකිනීමේ බලය හිමි වන්නේ කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුවට පමණක් වන අතර, රථවල මිල ඉතා අධික බැවින් ඒවා මිල දී ගත හැක්කේ රටේ ඉතාමත්ම සුළු පිරිසකට පමණයි.

එක් වෙළඳසැලක පර්ජෝ 508 වර්ගයේ රථයක් විකිණීමට තිබුනේ ඩොලර් දෙලක්ෂ හැට දහසකට. එය එම රථයේ සාමාන්‍ය මිල මෙන් අට ගුණයක පමණ මුදලක්.

මෝටර් රථවල මිල ‘විකාරයක්’ ලෙසින් රටවැසියන් හඳුන්වන බවයි, හවානා අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

මෝටර් රථයක් මිලදී ගැනීම පිණිස ආණ්ඩුවේ බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය වූ අතර, එම බලපත්‍රය පිරි නැමුණේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට, ඉහල මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ කලාකරුවන්ට පමණයි.