ඉතාලි මුහුදේ කොටු වූ සංක්‍රමණිකයන් බේරා ගැනේ

Image caption උතුරු අප්‍රිකාවේ සිට ලම්පෙදූසා දූපතට ළඟාවන සංක්‍රමණිකයෝ (පැරණි ඡායාරූපයක්)

මධ්‍යධරණී මුහුදේ බෝට්ටුවල කොටු වී සිටි සංක්‍රමණිකයන් දහසකට අධික පිරිසක් ගතව ගිය පැය විසි හතර ඇතුලත බේරා ගත් බව ඉතාලියේ නාවික හමුදාව පවසයි.

දරා ගැනීමට නොහැකි තරම් විශාල පිරිසක් පටවා ගත් බෝට්ටු හතරක් මුහුදේ අතරමංව සිටිනු ඉතාලියේ නාවික හමුදා හෙලිකොප්ටර් යානාවලට දැක ගැනීමට ලැබී තිබේ.

එම බෝට්ටුවල සිර වී සිටි අට සියයකට අධික පිරිසක් බේරා ගත් බව බලධාරීහු පවසති.

එම සංක්‍රමණිකයන්ගෙන් බහුතරය ඊජිප්තුව, ටියුනීසියාව, ඉරාකය සහ පාකිස්තාන වැසියන්.

සංක්‍රමණිකයන් දෙසීයකට අධික පිරිසක් රැගත් තවත් බෝට්ටුවක් සිසිලි දූපත කරා රැගෙන විත් තිබේ.

සංක්‍රමණිකයන් රැගත් නෞකාවක් පසුගිය ඔක්තෝබරයේදී ලම්පෙදූසා දූපත අසල මුහුදේදී අනතුරට ලක්වීමෙන් සිය ගණනක් දෙනා මිය යාමෙන් අනතුරුව ඉතාලි නාවික හමුදාව ඉතාලිය සහ උතුරු අප්‍රිකාව අතර මුර සංචාර දැඩි කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර