ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එක්සත් ජනපදය පෙලන අධික සීතල

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණනාවක පවතින අධික සීතල කාලගුණය හේතුවෙන් ප්‍රවාහන කටයුතු අඩාල වී තිබෙන අතර, බොහෝ පාසල්ද වසා දමා තිබේ.

හැකි තරම් ආහාර ගබඩා කර ගෙන නිවෙස් තුලට වී සිටින මෙන් එම ප්‍රදේශවල ජනතාවට උපදෙස් දී තිබේ.

ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ තිහ දක්වා පහල වැටී තිබෙන අතර සුළඟ හේතුවෙන් එය දැනෙන්නේ සෘණ පණහක පමණ උෂ්ණත්වයක් ලෙසිනුයි දැනෙන්නේ.

"හරිම සීතලයි. චිකාගෝවල අවුරුදු විස්සකින් මේ වගේ සීතලක් තිබුනේ නෑ," බවයි, චිකාගෝ නුවර වෙසෙන මාධ්‍යවේදියෙක් වන ස්ටීව් ග්‍රසනිච් පවසන්නේ.

"හුළඟත් පුදුම සීතලයි. මම ඉන්න පළාතේ උෂ්ණත්වය සෘණ හතලිහ දක්වා ගිහිල්ල. හෙට වැඩට එන එක ගැන හිතන්නවත් එපා කියල බලධාරීන් අපට කියනවා."

මේ අධික සීතල උෂ්ණත්වයට අනාවරණය වුව හොත් විනාඩි පහක් ඇතුලත හිම තුවාල ඇති විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අඟවති.

ඉරිදා විස්කොන්සින් හි ග්‍රීන් බේ පැකර්ස් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ කණ්ඩායම් අතර පැවැත්වුණු පාපන්දු ලීග තරඟය, එම ලීග ඉතිහාසයේ සීතලම තරඟය ලෙසයි සැලකෙන්නේ. තරඟය ආරම්භ වීමට ප්‍රථම ක්‍රීඩාංගණයේ හිම ඉවත් කිරීමට ක්‍රීඩා ලෝලීන්ට සිදු විය.