බෝම්බය පුපුරුවා ගන්න 'අයියා බල කළා'

Image caption පොලිස් ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දැරිය අත් අඩංගුවට පත් වී තිබේ

මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ඇෆ්ඝනිස්තාන පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද දැරිය රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි විය.

පොලිස් මුර කපොල්ලකදී බෝම්බය පුපුරුවා ගන්නා මෙන් තාලිබාන් ව්‍යාපාරයේ නායකයකු වන සිය සොහොයුරා තමන්ට නියෝග කළ බවයි, ඇය පවසන්නේ.

ඇය අවුරුදු අටත් දහයත් අතර දැරියක් බව විශ්වාස කෙරේ.

"මරාගෙන මැරෙන ඇඳුම ඇඳ ගන්න කියල මගේ අයිය සහීර්, එයාගේ යාලුව ජබාර් එක්ක මට බල කළා," යනුවෙන් ඇය කියා සිටියාය.

"ගඟෙන් එහාට ගියාට පස්සේ ඇඳ ගන්න කියල එයාල මට තවත් ඇඳුම් දුන්න. ඊට පස්සේ එයාල මාව ගඟෙන් එහා පැත්තට මහ රෑගෙනල්ල බැස්සුවා. එත් ගඟේ හීතල දැනුනම ගඟෙන් එහාට යන්න බෑ කියල මම කෑ ගැහුවා."

ඉන් අනතුරුව සොහොයුරා සහ ඔහුගේ මිතුරා යලිත් තමන් නිවසට රැගෙන ආ අවස්ථාවේ සිය පියා තමන්ට පහර දුන් බවත්, ඔවුන්ගේ අතවරවලින් බේරීම සඳහා මහ රාත්‍රියේම නිවසින් පලා ගිය බවත් දැරිය පවසන්නීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර