ඇමරිකා-ඉන්දියා විරසකය වැඩිවන ලකුණු

පසුගිය මාසයේ නිව් යෝර්ක් නුවරදී ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික කාන්තාවක් අත් අඩංගුවට ගැනීම පිළිබඳව ඉන්දියාව සහ ඇමරිකාව අතර හටගෙන ගෙන ඇති රාජ්‍ය තාන්ත්‍රික විරසකය තවදුරටත් වැඩිවී ඇත.

ඉන්දියාව දැන් ඇමරිකාවට දැනුම් දී ඇත්තේ දිල්ලියේ ඇති ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇති නාන තටාකයක්, ක්‍රීඩාගාරයක්, සහ බීම හලකින් සමන්විත ජනප්‍රිය සමාජ ශාලාවට රාජ්‍ය තාන්ත්‍රික නොවන අය ඇතුළුවීම වළක්වන ලෙසටයි.

ඔවුන් මහමග නීති කඩ කිරීමෙදී වලදී මුක්තියක් අත් නොවන බවට ද ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ට අනතුරු අඟවා තිබේ.

ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික දිව්‍යානි කොබ්‍රගඩේ නිව් යෝර්ක් හිදී අත් අඩංගුවට ගන්නා ලද්දේ ඇයට එරෙහිව ඇයගේ නිවසේ මෙහෙකාරිය විසින් කරන ලද පැමිණිල්ලකින් පසුවයි.

මෙහෙකාරියගේ පැමිණිල්ල වුයේ විසා ප්‍රකාශනයෙන් එකඟ වූ වැටුපට වඩා අඩු ප්‍රමාණයක වැටුපක් දිව්‍යානි විසින් ඇයට ගෙවමින් සිටියාය යන්නයි.

කෙසේ වුවද දිව්‍යානි විසින් මේ චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි.