බංග්ලාදේශයේ අගමැතිනිය යළිත් දිවුරුම් දෙයි

Image caption මහ මැතිවරණයේ ඡන්දදායක සහභාගිත්වය ඉතා අඩු මට්ටමක පැවතුනි

බංග්ලාදේශයේ අගමැතිනි ෂෙයික් හසීනා යළිත් වරක් අගමැති පදවියේ දිවුරුම් දී වැඩ භාර ගත්තාය.

විරුද්ධ පක්ෂය විසින් වර්ජනය කරන ලද, ප්‍රචණ්ඩ ක්‍රියා ගහණ වූ මහ මැතිවරණයේදී යළිත් තේරී පත් වීමෙන් අනතුරුවයි, ඇය අද දිවුරුම් දුන්නේ.

ඩකා අගනුවර පැවැත්වුණු දිවුරුම් දීමේ උත්සවය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශනය කෙරිණ.

ෂෙයික් හසීනාගේ කැබිනට් මණ්ඩලය අද සවස් යාමයේ දිවුරුම් දීමට නියමිතව තිබිණ.

අගමැතිවරිය නායකත්වය දෙන අවාමි ලීගය පසුගිය සතියේ පැවති මැතිවරණයේදී ප්‍රබල බහුතර බලයක් දිනා ගත් නමුත් විරුද්ධ පක්ෂ බොහෝ ආසනවලට අපේක්ෂකයන් ඉදිරිපත් කළේ නැත.

මැතිවරණය පැවැත්වීමට ප්‍රථම ආණ්ඩුව ඉල්ලා අස් වී, භාරකාර ආණ්ඩුවකට පාලනය භාර දිය යුතු බව විපක්ෂයේ ඉල්ලීම වී තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර