පෝලියෝ රෝගය ඉන්දියාවෙන් 'තුරන් කරලා'

Image caption අනූව දශකයේ සිට ඉන්දියාව පුරා පෝලියෝ එන්නත් ලබා දීමේ වැඩසටහනක් දියත් විය

පෝලියෝ වසංගතය තම රටින් සහමුලින්ම තුරන් කර ඇති බව ඉන්දියාව ප්‍රකාශ කරයි.

අවසාන වරට ඉන්දියාවෙන් පෝලියෝ රෝගියකු වාර්තා වී ඇත්තේ මීට වසර තුනකට පෙර.

අනූව දශකයේ මැද භාගයේ සිට ඉන්දියාව පුරා පෝලියෝ එන්නත් ලබා දීමේ මහා පරිමාණයේ වැඩසටහනක් දියත් විය.

ඉන්දියාවේ නිවේදනය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය.

එසේ වුවහොත් පෝලියෝ වසංගතය තවමත් පවතින රටවල් තුන වන්නේ පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ නයිජීරියාව පමණයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර