fire
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චණ්ඩ තාපයෙන් ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි

ඊසාන දිග ඔස්ට්‍රේලියාවේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් හතලිහ දක්වා ඉහළ නැග ඇති අතර ලැව් ගිනි ඇතිවිය හැකි බව තැනින් තැන අනතුරු හඟවන පුවරු ප්‍රදර්ශනය කොට ඇත.

වික්ටෝරියා හි අකුණු සැර වැදීමෙන් ස්ථාන 250 ක් පමණ ගිනි ගැනීම් ඇතිවී තිබෙන බව බව බලධාරීහු ප්‍රකාශ කළහ.

වික්ටෝරියා හි අඟහරුවාදා රාත්‍රී උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් තිහේ සීමාව කරා ලඟා වී තිබිණ.

බොහෝ ස්ථානවල ඇතිවූ ගිනි මැඩ පැවැත්වීමට හැකි වූ නමුත් ස්ථාන කීපයක ගිනි නිවා දැමීමට නොහැකි වී ඇතයි වික්ටෝරියා හි ගිනි නිවන හමුදාවේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

වේගයෙන් පැතිරෙන් ලැව් ගින්නකින් බේරීම සඳහා වික්ටෝරියා හි පිහිටි යාපෙට් සහ නයිපෝ ප්‍රදේශවල වෙසෙන ප්‍රජාවන් ඉවත් කළ බව බලධාරීහු කියා සිටියහ.

මීට පෙර 2009, වසරේදී වික්ටෝරියා හි ඇතිවූ ගින්නකින් 173 දෙනෙක් මිය ගිය අතර නිවාස 2,000 පමණ විනාශ විය.

පසුගිය සතියේ බටහිර ඕස්ට්‍රේලියාවේ ඇතිවූ ගින්නකින් නිවාස පනහක් පමණ විනාශ වූ අතර තැස්මෙනියාවේ මහ මාර්ග වල තාර උණු වෙන්නට පටන් ගෙන ඇත.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ උෂ්ණත්වය 42 දක්වා ඉහළ ගොස් ඇත.