බීජිං වායු දූෂණය අනතුරුදායක මට්ටමක

Image copyright AP
Image caption 'විසි පස් ගුණයකින් අපවිත්‍ර වායුව'

චීනයේ බීජිං නුවර වායු දූෂණය අන්තරායකාරී මට්ටමකට පැමිණ ඇති හෙයින් තම සෞඛ්‍යය පිළිබඳව පූර්ව ආරක්‍ෂිත පියවර ගන්නා මෙන් චීන රජය සිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මිනිසාට අහිතකර නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සම්මත කර ඇති ප්‍රමාණයට වඩා විසි පස් ගුණයකින් බීජිං නුවර වායුව අපවිත්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ.

කටුක ගන්ධයක් සහිත ඝන දුමාරයක් බීජිං නුවර පුරා පැතිර ඇති බවත් ඇතැමුන් ශ්වසන ආබාධ වලින් පෙලෙන බවත් නගර වැසියෙක් කියා සිටියේය.

නිවෙස් තුළ රැඳී සිටින ලෙස ළමුන්ට සහ වයස් ගත පිරිසට අනතුරු අඟවා ඇති අතර මුහුණු ආවරණයක් පලඳින ලෙස රැකියා සඳහා යන අයගෙන් බලධාරීන් ඉල්ලා තිබේ.