බංග්ලාදේශයේ සමලිංගිකයන්ගෙන් සඟරාවක්

බංග්ලාදේශයේ සමලිංගික ප්‍රජාව අද සිය ප්‍රථම සඟරාව ප්‍රකාශයට පත් කළේය.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ගතානුගතිකවාදී බංග්ලාදේශ සමාජයේ සමලිංගිකයන් හෙලා දැකීමේ ආකල්ප වෙනස් කිරීමට උත්සාහ දැරීම එම සඟරාව ප්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණයි.

බංග්ලාදේශයේ වෙසෙන සමලිංගික පුරුෂයන් සහ කාන්තාවන්, ද්විලිංගිකයන් සහ සිය කැමැත්තෙන් ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන් පිළිබඳව ජනතා අවධානය යොමු කිරීමට ඒ මගින් අවස්ථාව සැලසෙනු ඇතැයි සඟරාවේ සංස්කාරකවරයා බලාපොරොත්තු පළ කළේය.

සමලිංගිකත්වය බංග්ලාදේශයේ සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකෙන අතර ඒ සඳහා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවිය හැකියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර