සිරියානු ආණ්ඩුවට හිංසන චෝදනා

සිරියාවේ ගිනි දැල් Image copyright AP
Image caption සිරියාවේ ගිනි දැල්

සිරකරුවන් එකොළොස් දහසක් පමණ කෑම නොදී හිංසා කොට මරා දැමූ ආකාරය පිළිබඳව කෙළින්ම තමන්ට තොරතුරු හෙළිදරව් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ හිටපු යුධ අපරාධ විමර්ශකයින් තිදෙනෙක් කියා සිටිති.

ජනාධිපති බෂාර් අල් අසාද් ගේ පරිපාලනයට එරෙහිව විරෝධතා පළවීමෙන් අනතුරුව සිදු කෙරුණු හිංසා කාරි ක්‍රියා පිළිබඳව ඡායාරූප තමන්ට දැක ගටන්නට ලැබුණු බවයි එක්සත් ජාතීන්ගේ හිටපු යුධ අපරාධ විමර්ශකයින් කියා සිටින්නේ.

මිට පෙර යුධ හමුදා පොලිස් සේවාවේ නිරතව සිට පසුව ජනාධිපති බෂාර් අල් අසාද් ගේ පරිපාලනයට එරෙහිව විරෝධතා පළකරන පිරිස් වලට එක්වූ හමුදා නිලධාරියෙක් විසින් මේ ඡායාරූප හිටපු යුධ අපරාධ විමර්ශකයින් හට ලබාදුන් බවයි වාර්තා වන්නේ.

බොහෝ මලසිරුරු කපා කොටා දැමුනු අතර පහරදීම් වල ලකුණු තමන්ට දැකගන්නට ලැබුණු බවයි හිටපු යුධ අපරාධ විමර්ශකයින් සම්පාදනය කළ වාර්තාවේ සඳහන් වන්නේ.

මෙම වාර්තාව ජනාධිපති බෂාර් අල් අසාද් ගේ පරිපාලනයට එරෙහිව විරෝධතා පළකරන පිරිස් වලට සහාය පල කරන කටාර් ආණ්ඩුව විසින් ඉදිරිපත් කොට ඇති අතර මේ පිළිබඳව සිරියානු ආණ්ඩුවේ ප්‍රතිචාරය ලබා ගැනීමට ගත් උත්සාහය සාර්ථක වී නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර