තායිවාන ජනපති මැදුරට ට්රක් රථයක් කඩා වදී

ටොන් තිස් පහක ට්රක් රථයක් තායිවාන ජනාධිපති මන්දිරයේ දොරටුව වෙත අධි වේගයෙන් කඩා වැදීමෙන් පසු තායිපෙයි නගරයේ අරාක්ෂාව දැඩි කොට තිබේ.
වාර්තාවන අන්දමට ජනාධිපති මන්දිරයට ඉදිරියෙන් ඇති මහා මාර්ගයේ සිට වේගය වැඩිකරගනිමින් ධාවනය කරවූ ට්රක් රථය ඉදිරිපස ගේට්ටුවේ යකඩ කණු අතරින් කඩා වැදී මන්දිරයේ ප්රධාන පිවිසුම ට ඉතා ආසන්නයේ නැවතී ඇත.
තුවාළ සහිතව රෝහල් ගත කර ඇති රියදුරු විසින් හිතා මතාම මෙය කර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
සිදුවීම වන මොහොතේ තායිවාන ජනාධිපති වරයා මන්දිරයේ නොසිටි බවයි වාර්තා වන්නේ.