හමුදාවට ගණිකාවන් සැපයීම 'සාමාන්‍ය දෙයක්'

Image copyright ap
Image caption 'සහන ලියන්' ලෙස සේවයේ යෙදැවුණු ඇති බහුතරය කොරියානු කාන්තාවන්

දෙවන ලෝක යුද්ධය සමයේ හමුදා සොල්දාදුවන්ගේ ලිංගික අවශ්‍යතා සැපිරීමට කාන්තාවන්ට බල කිරීම, යුද්ධයක් පැවති ඕනෑම රටකට පොදු තත්වයක් බවට ජපානයේ එන්එච්කේ ජාතික රූපවාහිනියේ නව ප්‍රධානියා කළ ප්‍රකාශය රට පුරා ආන්දෝලනයකට ලක් වී තිබේ.

ඊනියා 'සහන ලියන්' නමින් හැඳින්වෙන, හමුදා භටයන් වෙනුවෙන් කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යෙදැවුණු හමුදා ගණිකා නිවාස සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි, කත්සුතෝ මොමී ඒ බව කියා සිටියේ.

නව පදවියේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිය පළමු ප්‍රවෘත්ති සාකච්ඡාව ඇමතූ ඔහු, 'සහන ලියන්' සම්බන්ධයෙන් පළ වන ජාත්‍යන්තර කෝපය ප්‍රහේලිකා සහගත බව කියා සිටියේය.

කත්සුතෝ මොමී නව පදවියට පත්කරනු ලැබුවේ අදාළ මාතෘකාව සම්බන්ධ විවාදය සමහන් කිරීමට බව ඇතැමුන් විශ්වාස කරන නමුත්, අවසානයේ එය ආණ්ඩුවටම පාරා වල්ලක් වූ බවක් හැඟී යන්නේ යයි තෝකියෝ අගනුවර සිටින බීබීසී වාර්තාකරු පවසයි.

කොරියානු ජාතික කාන්තාවන් අති බහුතරයක් ඇතුළු ලක්ෂ දෙකකට අධික කාන්තාවන් පිරිසක් දෙවන ලෝක යුද්ධය සමයේ ජපානයේ හමුදා ගණිකා කඳවුරුවල බලහත්කාරයෙන් සේවයේ යෙදැවුණු බව විශ්වාස කෙරේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර