බංග්ලාදේශ ඉස්ලාමීය පක්ෂ නායකයාට මරණ දඬුවම

Image copyright Reuters
Image caption යුද අපරාධ සිදු කළ බවට ද මොතියූර් රහමන් නිසාමි ට චෝදනා එල්ල වී ඇත

ඉන්දියාවේ කැරලි කණ්ඩායමකට අවි ආයුධ සැපයීමේ වරදට බංගලාදේශයේ විශාලතම ඉස්ලාමීය පක්ෂයේ නායකයාට මරණ දඬුවම හිමි විය.

වසර 2004 දී ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ බෙදුම්වාදීන්ට ආයුධ හාරදහසක් පමණ ලබා දීමේ වරදටයි ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ නායක මොතියූර් රහමන් නිසාමිට මරණ දණ්ඩනය නියම කළේ.

එම චෝදනාවට වරදකරුවන් වූ තවත් දහතුන් දෙනෙකුට මරණ දණ්ඩනය පනවා ඇති අතර බංගලාදේශයේ හිටපු ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා ද ඒ අතර සිටින බවයි වාර්තා වන්නේ.

මෙම අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂයේ නායක මොතියූර් රහමන් නිසාමි ප්‍රකාශ කර තිබේ.

1971 දී සිදු වූ බංග්ලාදේශ නිදහස් සටනේ දී යුද අපරාධ සිදු කළ බවට ද මොතියූර් රහමන් නිසාමි ට චෝදනා එල්ල වී ඇති අතර ඒ සඳහා ද ඔහුට මරණ දඬුවම ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර