ස්වයංපාලනයක් ඉල්ලන බලුකිස්තානයේත් සමූහ මිනී වලක්

Image copyright Getty
Image caption 'බලුක්' කැරලිකරුවෝ

බලුකිස්තාන් ප්‍රාන්තයේ සමූහ මිනී වලවල් දෙකක තිබී මළ සිරුරු දහතුනක් සොයා ගනු ලැබීමෙන් අනතුරුව ඒ ගැන විභාග කිරීම සඳහා අධිකරණ කොමිසමක් පත් කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගත් බව නිවේදනය කෙරිණ.

සිය වාර්තාව මාසයක කාලයක් ඇතුළත භාර දීම අධිකරණ කොමිසමේ අපේක්ෂාවයි.

ඉතා අයහපත් තත්වයක තිබුණ මළ සිරුරු හමු වී තිබෙන්නේ පසුගිය සතියේ.

මළ සිරුරු පාකිස්තාන් ආරක්ෂක හමුදා සහ ‘බලුක්’කැරලිකරුවන් අතර ගැටුම් පැවති සමයේ අතුරුදහන් කෙරුණ පුද්ගලයන්ගේ විය හැකිය යන්න මානව හිමිකම් සංවිධානවල අදහසයි.

ඛනිජ ද්‍රව්‍ය වලින් පොහොසත් සිය භූමියේ සම්පත් පාලනය, දේශපාලන අයිතිවාසිකම් සහ ස්වයංපාලන බලතල තමන්ට පවරන ලෙසයි, බලුකිස්තාන් ජාතිකවාදීන් පාකිස්තාන් මාධ්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර