සිසු මරණයක් ගැන දිල්ලි නුවර විරෝධතාවයක්

Image caption ඉක්මනින් ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව දිල්ලි පොලීසියට චෝදනා එල්ල වී ඇත

ඊසානදිග ඉන්දියාවේ විශ්ව විද්‍යාල සිසුවකුට පහර දී මරා දැමීමට එරෙහිව සිය ගණනක පිරිසක් නවදිල්ලි නගරයේ දී විරෝධතාවක් පැවැත්වූහ.

නිලධාරීන් පවසන අන්දමට දින කිහිපයකට පෙර වයස අවුරුදු විස්සක් වූ නිදෝ තානියා හට වෙළෙඳසල් හිමියන් පිරිසක් පහරදී ඇත්තේ ඔහුගේ පෙනුම උපහාසයට ලක්කරමින්.

පහර කෑමෙන් පැය කිහිපයකට පසු ඔහු මිය ගිය බව වාර්තාවෙයි.

මේ වන විට මරණයට සම්බන්ධ යැයි සැක කෙරෙන දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම ඊසානදිග ඉන්දියාව නිජබිම කොටගත් සුළු ජන කොටස් වෙත කෙරෙන වෙනස්කොට සැලකීම් හා වර්ගවාදී බලපෑම් මතුකොට දක්වන බවයි පැවසෙන්නේ.

මේ ප්‍රදේශ වල වෙසෙන සුළු ජන කොටස් චීන හා බුරුම සම්භවයක් ඇති පිරිසක් බවටයි සැලකෙන්නේ.

මේ අතර තනියා ට හිරිහැර කිරීම ගැන ඉක්මනින් ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව දිල්ලි පොලීසියට චෝදනා එල්ල වී ඇත.