ළමුන් නිහඬ කෙරුණ සිරියානු යුද්ධය

Image copyright AFP

සිරියානු සිවිල් යුද්ධයට කොටු වූ එරට ළමුන් කතා කළ නොහැකි තත්වයකට පත්ව පීඩා විඳින ලද බව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත්ව ඇති වාර්තාවකින් පැවසෙයි.

තුන් වසරකට ආසන්න සිවිල් යුද්ධයේදී දසදහසකට අධික සිරියානු දරුවන් මරා දැමුණ බවයි ඇස්තමේන්තු කෙරෙන්නේ.

එම යුද ගැටුම් නිසා හතළිස් ලක්ෂයක් ජනතාවට ගේදොර හැර පලා යාමට සිදු විය.

කැරලිකරුවන්ටත් චෝදනා

සිරියානු ආණ්ඩුවේ හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් ඉවක් බවක් නැතිව සිදු කරන බිහිසුණු අවි ආයුධ පාවිච්චිය නිසා දහස් ගණනක් මහජනතාව මරණයට හෝ අංග විකල තත්වයට පත් කෙරුණ බවත් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ වාර්තාවේ දැක්වෙයි.

ළමුන් සිර කර තැබීම, වධ හිංසා සිදු කිරීම ,මරා දැමීම සහ දූෂණය කිරීම ආදී අපරාධ ගැනත් ඉහත කී වාර්තාවේ දැක්වෙන අතර වැඩි වශයෙන් ඒවා සිදු කරනු ලැබ තිබෙන්නේ සිරියානු පාලක පක්ෂය විසින්.

ඒ අතරම ඇතැම් අපරාධ සම්බන්ධයෙන් කැරලිකරුවන්ටත් ඇඟිල්ල දිගු වෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර