ලෙබනනයේ අලුත් ආණ්ඩුවක්

Image copyright Reuters
Image caption අගමැතිවරයා ලෙස නම් කොට ඇති සලාම් තමාම්

ලෙබනනයේ අලුත් ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කොට ඇත.

සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ප්‍රතිචාර පළ කළ යුතු අකාරය සහ ප්‍රධාන පෙළේ තනතුරු හිමි විය යුත්තේ කාට ද යන්න පිළිබඳව මාස දහයක කාලයක් තිස්සේ ඇතිවූ අප්‍රසන්න තත්ත්වය සහ තියුණු වෙනස්කම් නිමාවට පත් වෙතැයි බලාපොරොත්තු පළ වී තිබේ.

ඇමතිවරුන් විසි හතර දෙනෙකුගෙන් සමන්විත අලුත් ආණ්ඩුව හිස්බුල්ලා නායකත්වයක් සහිත ෂියා මුස්ලිම්වරුන් සහ හිටපු අගමැති සාඩ් අල්- හාරි ගේ ගේ නායකත්වය පිළිගන්නා සුන්නී මුස්ලිම්වරුන් කණ්ඩායමක් අතර ඇති කර ගත් එකතුවකි.

අලුත් ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස නම් කොට ඇති සලාම් තමාම් කියා සිටියේ අඩපණ වී ඇති ආර්ථිකය සහ සිරියානු සරණාගතයින් ගේ පැමිණීම නව ජාතික සමගි ආණ්ඩුව මුහූණ දෙන ප්‍රධාන ප්‍රශ්නය බවයි.