සිරියානු සාම කථා බිඳ වැටේ

Image copyright AFP

සිරියානු ආණ්ඩුවේ නියෝජිතයින් සහ විපක්ෂයේ නියෝජිතයින් අතර ජිනිවා නගරයේ පැවැත් වූ දෙවන වටයේ සාකච්ඡා ප්‍රගතියක් නොලබා අනපේක්ෂිත ලෙස අවසන් වෙයි.

එක්සත් ජාතීන්ගේ මැදිහත්කරු ලක්දාර් බ්‍රහිමි පැවසුවේ තෙවැනි වටයේ සාකච්ඡා සඳහා දිනයක් නියම කොට නැති බවයි.

දෙපාර්ශවයම තමන්ගේ ස්ථාවරයන්හි එල්බ ගෙන සිටින අතර ගැටුම්කාරී තත්ත්වය නිමා කිරීම සඳහා දෙදහස් දොළහ වසරේදී ලෝක බලවතුන් ඉදිරිපත් කළ ලියවිල්ලක් පිළිබඳව තම තමන්ගේ අර්ථකථන ඉදිරිපත් කරමින් සිටින බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ.

මේ ලියැවිල්ලෙන් මුලික වශයෙන් කියවෙන්නේ පුර්ණ විධායක බලතල සහිත අන්තර් වාර පරිපාලනයක් ස්ථාපිත කළ යුතු බවයි.