ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඔස්ට්‍රේලියානු කඳවුරේ ගැටුමෙන් අයෙක් මරුට

ඔස්ට්‍රේලියානු සරණාගත කඳවුරක ඇති වූ ප්‍රචණ්ඩතා නිසා සරණාගතයෙකු මරණයට පත් වී තවත් රැඳවියන් හැත්තෑ හතකට තුවාල සිදු විය.

පැපුවා නිව් ගිනියාවේ පවත්වාගෙන යන මෙම කඳවුරේ සිටි සරණාගතයන් පිරිසක් පළා යාමට උත්සාහ කළ බව ඊයේ - ඉරිදා වාර්තා වී තිබුණි.

මෙහිදී ඇති වූ ගැටුම් දැක්වෙන වීඩියෝ පටයක් ඔස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාව විකාශනය කර තිබේ.

මෙය මරණය ඛේදවාචකයක් ලෙස හැඳින්වූ සරණාගතයන් පිළිබඳව ඔස්ට්‍රේලියානු ඇමති ස්කොට් මොරිසන් කියා සිටියේ රටින් පිට සරණාගත කඳවුරු පවත්වාගෙන යාමේ පිළිවෙත වෙනස් නොකරන බවයි.