විරෝධයට එරෙහිව බලය එපා - තායි අධිකරණය

Image copyright AP
Image caption තායි විරෝධතා ව්‍යාපාරයක්.

සාමකාමී විරෝධතාවාදීන්ට එරෙහිව බලය පාවිච්චි නො කරන මෙන් තායිලන්තයේ උසාවියක් ආණ්ඩුවට නියෝග කර ඇත.

පොලිස් ප්‍රහාරවලින් පස් දෙනකු මරා දමනු ලැබීමේ ගැටුමකින් දවසකට පසුවයි අධිකරණ නියෝගය නිකුත් කෙරුණේ.

එම මරණ වාර්තා වුණේ, තායිලන්ත ආණ්ඩුවේ ගොඩනැගිලි වට කොට කඳවුරු ලා සිටි විරෝධතාවාදීන් කණ්ඩායමක් විසුරුවා හැරීමට පොලිසිය විසින් ගනු ලැබුණ අසාර්ථක ප්‍රයත්නයක් අතරයි.

තායිලන්ත අර්බුදයට මේ වන විට මාස කීපයක් ගත ව තිබෙන අතර, තායිලන්ත ආණ්ඩුව විසින් පසුගිය මාසයේ නිකුත් කළ හදිසි නීති ආඥාවක් ක්‍රියාත්මක කර ගැනීමට බලධාරීන් උත්සාහ දරමින් සිටිය දීයි, මුලින් කී උසාවි නියෝගය නිකුත් කෙරුණේ.

එම උසාවි නියෝගයත් සමඟ තායිලන්ත ආණ්ඩුවේ උත්සාහය ව්‍යාකූල තත්වයකට පත් වෙන බවයි පැවසෙන්නේ.

අද බදාදා බැංකොක් නගරයෙන් ලැබෙන වාර්තා අනුව විරෝධතාවාදීන් දහස් ගණනක් විසින් අගමැති කාර්යාලය ද වට කරනු ලැබ ඇත.

උතුරු තායිලන්තයේ ආණ්ඩුවේ ග්‍රාමීය බල පදනමට එරෙහිව මධ්‍යම පන්තික බහුතරය සහ ප්‍රභූ පන්තියේ නැගී සිටීමකුයි දැන් සිදු වෙමින් පවතින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර