ඉන්දියාවේ මහමැතිවරණය අප්‍රියෙල් මාසයේ

Image caption ඉන්දියාවේ මැතිවරණ කොමසාරිස්වරයා.

ඉන්දියාවේ මීළඟ මහමැතිවරණය මේ වසරේ අප්‍රියෙල් හත් වෙනිදා සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

එම මහමැතිවරණය මැයි මාසයේ මැද භාගය වන තෙක් තෝරා ගනු ලබන දින කීපයක්ම පැවැත්වෙන බවයි නිවේදනය කෙරුණේ.

වත්මන් ඉන්දීය ආණ්ඩුවට නායකත්වය දෙන කොංග්‍රස් පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂයත් තවත් කුඩා පක්ෂ රාශියකුත් මෙම මහ මැතිවරණයට තරඟ වැදීමට සූදානම් වෙමිනුයි සිටින්නේ.

2014 ඉන්දීය මහමැතිවරණ සටනේ දී නරේන්ද්‍ර සිං මෝඩි මෙහෙයවන හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයට එරෙහිව කොන්ග්‍රස් පක්ෂය මෙහෙයවනු ලබන්නේ රාහුල් ගාන්ධි විසින්.

මෙවර ඉන්දීය මහ මැතිවරණය සඳහා ඡන්දය දීමට කෝටි අසූවක් ජනතාව සුදුසුකම් ලබන අතර මෙයින් අවුරුදු පහකට පෙර පැවැත්වුන පසුගිය මහ මැතිවරණයට සාපේක්ෂව බලන විට එය ඡන්දදායක සංඛ්‍යාව කෝටි දහයකින් පමණ වැඩි වීමකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර