ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නිවුයෝක් නුවර ගින්නෙන් දෙදෙනකු මරුට

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිවුයෝක් නුවර නැගෙනහිර හාලෙම් ප්‍රදේශයේ ගෑස් කාන්දුවක් නිසා හටගත් ගින්නකින් කාන්තාවන් දෙදෙනකු මරුමුවට පත් වූ බව බලධාරීහු පවසති.

ගෑස් කාන්දුව නිසා පිපිරීමක් හට ගැනීමෙන් අනතුරුවයි ගොඩනැගිලි දෙකක්ම ගිණි ගෙන විනාශ වී තිබෙන්නේ.

නිවුයෝක් නගරයේ අහසට දුමාරය විහිදුන අතර, තවත් දහ අට දෙනකු ගින්නෙන් තුවාල ලබා තිබේ.

ගිණි නිවන භටයෝ 250 කට අධික පිරිසක් ගින්න නිවා දැමීමේ උත්සාහයක නිරතව සිටියහ.

නගරයේ මධ්‍යම දුම්රිය ස්ථානය අසල හටගත් ගින්න හේතුවෙන් එම දුම්රිය ස්ථානයේ සියලු දුම්රිය සේවාද නවතා දමා තිබිණ.