අතුරුදහන් වූ යානයේ චීන ඡයාරූප 'වැරදීමක්'

Image copyright Reuters
Image caption එක්සත් ජනපද වාර්තා ද මැලේසියානු ගමනාගමන ඇමති හිෂම්මුද්දීන් හුසේන් ප්‍රතික්ෂේප කළේය

අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ සුන් බුන් බවට සැක කෙරෙන චීන චන්ද්‍රිකා ඡයාරූප වැරදීමකින් නිකුත් කළ ඒවා බව මැලේසියානු ගමනාගමන ඇමතිවරයා කියයි.

රේඩියෝ සබඳතා ගිලිහී යාමෙන් පසුවත් පැය කිහිපයක් ගත වන තුරු යානය පියාසර කරමින් සිටින්නට ඇතැයි සැක පළ කරන එක්සත් ජනපද වාර්තා ද මැලේසියානු ගමනාගමන ඇමති හිෂම්මුද්දීන් හුසේන් ප්‍රතික්ෂේප කළේය.

Image copyright prc
Image caption අතුරුදහන් වූ යානයේ සුන් බුන් බවට සැක කෙරෙන චීන චන්ද්‍රිකා ඡයාරූප

ඔහු තවදුරටත් කියා සිටියේ චීනය චන්ද්‍රිකා ඡයාරූප නිකුත් කළේ අත්වැරදීමකින් බව ක්වාලාලම්පුර් හි චීන තානාපති කාර්යාලය පිළිගත් අතර එම ඡයාරූපවල අතුරුදහන් වූ යානයට අයත් කිසිවක් පෙන්නුම් නොකරන බවයි.

මගීන් 239 දෙනෙකු සහිත මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 යානය ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා පියාසර කරමින් සිටියදී අතුරුදහන් වූයේ පසුගිය සෙනසුරාදා යි.

සොයා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදු කෙරෙන අතර ඒ සඳහා නැව් 43 ක් සහ ගුවන් යානා 40 ක් යොදවා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර