බංග්ලාදේශ් විපක්ෂ නායිකාවට මූල්‍ය වංචා චෝදනා

Image copyright Focus Bangla

බංග්ලාදේශ් විපක්ෂ නායිකා කලීඩා ෂියාට එරෙහිව දූෂණ චෝදනා දෙකක් යටතේ අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබ ඇත.

බංග්ලාදේශ් ජාතික පක්ෂයට නායකත්වය දෙන විපක්ෂ නායිකා කලීඩා ෂියා,සමාජ ශුභ සාධක සංවිධාන දෙකකින් ඩොලර් හය ලක්ෂයකට අධික මුදල් සම්භාරයක් වංචා සහගත ලෙස සඟවා ගෙන ඇති බවටයි චෝදනා කෙරෙන්නේ.

තම සේවාදායිකාවට එරෙහි එම චෝදනා සාවද්‍ය බවයි, ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී මසූඩ් අලාම් තලුක්දර් කියා සිටියේ.

“ මගේ සේවාදායිකව උසාවිය ඉදිරියේ පෙනී සිටියත් උසාවිය ඇය චෝදනාවලට වැරදිකාරියද?නිවැරදිකාරියද? කියල ප්‍රශ්න කළේ නැහැ.නඩුකාරයා නැගිටලා ගියා. අපේ ඉල්ලීම භාර ගත්තේ නැහැ.අපේ රටේ නීති ඉතිහාසයේ මේ වගේ දෙයක් කවදාවත් සිද්ධ වෙලා නැහැ” නීතිවේදියා කියා සිටියි.

දේශපාලන පළිගැනීමක්

Image copyright focus bangla
Image caption බංග්ලාදේශ් බලවත් දේශපාලන කතුන් දෙදෙනා.අගමැතිනිය සහ විපක්ෂ නායිකාව.

එම චෝදනා දේශපාලන අරමුණු මත ගොතන ලද ඒවා වන බවයි එම නීතිවේදී මසූඩ් අලාම් තලුක්දර් වැඩි දුරටත් කියා සිටින්නේ.

විපක්ෂ නායිකාවට එරෙහි චෝදනා විභාගයට ගනු ලැබීම අප්‍රියෙල් මස අවසන් භාගයට නියම කරනු ලැබ ඇති බව බංග්ලාදේශයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

අගමැතිනි ෂේක් හසීනාගේ දිගුකාලීන දේශපාලන ප්‍රතිවාදිනිය වන ඛලීදා ෂියා පසුගිය මහ මැතිවරණය වර්ජනය කළ අතර, පාලක අවාමි පක්ෂය විසින් යළි බලය තහවුරු කර ගනු ලැබිණ.

භාරකාර ආණ්ඩුවක්යටතේ මහමැතිවරණය පවත්වන මෙන් විපක්ෂ නායිකා කලීඩා ෂියා යෝජනා කලත් අගමැතිවරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනුයි මැතිවරණය පවත්වන ලද්දේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර