රුසියාවට එරෙහිව තවදුරටත් සම්බාධක

Image copyright Getty

යුරෝපා සංගමය රුසියාවට එරෙහිව තවදුරටත් සම්බාධක පනවයි.

බ්‍රසල්ස් නුවර රැස්ව සිටින යුරෝපා සංගමයේ නායකයන් විසින් දැනටමත් වීසා පහසුකම් සීමා කොට ඇති සහ වත්කම් අත්හිටුවා සිටින රුසියානු සහ ක්‍රිමියානු නිලධාරීන්ගේ ලැයිස්තුවට තවත් දොළොස් දෙනෙකුගේ නම් ඇතුළත් කිරීමට පියවර ගත්තේය.

යුක්රේන අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙන ලක්ෂණ ඇතොත් පුළුල් ආර්ථික සම්බාධක පැනවීම් සඳහා සූදානම් වන ලෙස යුරෝපා සංගමයේ විධායකය වන, යුරෝපා කොමිසමට උපදෙස් දී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය රුසියානු ජනාධිපති පුතින් ට සමීප රුසියානුවන් විසි දෙනකුට එරෙහිව සම්බාධක පනවන බව මීට කලින් නිවේදනය කළේය.