තායිවාන් පාර්ලිමේන්තුව සරසවි සිසුන් ග්‍රහණයේ

Image copyright Reuters
Image caption චීන - තායිවාන් වෙළෙඳ ගිවිසුමට එරෙහිව

තායිවාන් පාර්ලිමේන්තුව අල්ලා ගෙන සිටින සිය ගණනක් ශිෂ්‍යයන් අගමැතිවරයා සමඟ සාකච්ඡා කරන ලද නමුත් දිගටම පාර්ලිමේන්තුව තුළ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

විරෝධතා ව්‍යාපාරයෙහි නිරතව සිටින ශිෂ්‍යයන්ගේ ඉල්ලීම වෙන්නේ, තායිවාන් ආණ්ඩුව චීනය සමඟ ඇති කර ගනු ලැබීමට සැලසුම් කර තිබෙන වෙළෙඳ ගිවිසුමක් අත්හැර දමනු ලැබීම.

එම ශිෂ්‍යයන් අගමැති ජෑන්ග් යි හුආ සමඟ කෙටි සාකච්ඡාවකට සහභාගී වූ බවයි, තායිපේ අගනුවරින් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

ශිෂ්‍යයන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ ඔවුන්ට ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසයි.

තායිවාන් ශිෂ්‍යයන් පාර්ලිමේන්තුව අල්ලා ගත්තේ පසුගිය අඟහරුවාදා.

ඔවුන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විවාද ශාලාව තුළයි රැඳී සිටින්නේ.

චීනයත් සමඟ නිදහස් සේවාවන් ආරම්භ කිරීම ඇතුළත් අදාළ වෙළෙඳ ගිවිසුම නිසා සිය රැකියා වලට තර්ජනයක් මෙන්ම, බේජිං පාලනය විසින් තායිවානය තුළ සිදු කරනු ලබන බලපෑම දැඩි විය හැකි බවයි, තායිපේ සරසවි සිසුන් කියා සිටින්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර