සිරියානු ගුවන් යානයකට තුර්කිය වෙඩි තබයි

Image copyright Reuters
Image caption සිරියානු යානය 'තුර්කි ගුවන් සීමාව උල්ලංඝණය කළා'

සිරියාවට අයත් ප්‍රහාරක ගුවන් යානයක් තුර්කි හමුදාව විසින් වෙඩි තබා බිම හෙලූ බව තුර්කි හමුදාව පවසයි.

සිරියානු යානය තුර්කි ගුවන් සීමාව උල්ලංඝණය කළ බවයි, තුර්කි අගමැතිවරයා කියා සිටියේ.

වෙඩි තැබීමට පෙර සිදු කළ අනතුරු ඇඟවීම් සිරියානු යානය නොතකා සිටි බව තුර්කි මාධ්‍ය වාර්තා කරයි.

එයට ප්‍රතිචාර දක්වන සිරියාව මෙම ප්‍රහාරය හැඳින්වුයේ අශෝභන ප්‍රචණ්ඩත්වයක් ලෙසින්.

ගුවන් යානය බිම වැටීමට පෙර නියමුවා ඉන් පිටතට පැන දිවි ගලවාගෙන ඇති බවද සිරියානු මාධ්‍ය වාර්තා කරයි.

සිරියා-තුර්කි දේශසීමාව අසල සිරියානු කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර දරුණු සටන් පවතී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර