'යානය ඉන්දීය සාගරයට කඩා වැටිලා'

Image copyright AFP
Image caption අවසන් නිගමනය නිවේදනය කළ මැලේසියානු අගමැති නජීබ් රසාක්

අතුරුදහන් වූ ගුවන් යානය ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බවත් මගීන් සියළු දෙනා මරණයට පත් වන්නට ඇති බවත් මැලේසියානු අගමැතිවරයා නිවේදනය කළේය.

චන්ද්‍රිකා තොරතුරු පිළිබඳව සිදු කරන ලද අලුත්ම විශ්ලේෂණ වලින් මෙම අවසන් නිගමනයට පැමිණි බවයි මැලේසියානු අගමැති නජීබ් රසාක් කියා සිටියේ.

Image copyright Reuters
Image caption නිවේදනයෙන් කම්පනයට පත් මගීන්ගේ ඥාතීන්

යානයේ සිටි මගීන් ගේ සහ සේවක පිරිසේ ඥාතීන්ට මේ බව දැනුම් දී ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

සේවක පිරිසට අමතරව මගීන් 227 ක් යානයේ ගමන් කරමින් සිටි අතර ඉන් වැඩි පිරිස චීන ජාතිකයන්.

මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 යානය මාර්තු අට වැනිදා අතුරුදහන් වූයේ ක්වාලාලාම්පුර් සිට බීජිං නුවර බලා යාමට ගුවන් ගත වී පයකට පමණ පසුවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර