චීන ගිවිසුමට එරෙහිව තායිවානයේ පෙළපාලි

Image copyright Reuters
Image caption කළු පැහැති කමිස හැඳ, කහ පැහැති නළල් පටයකින් සැරසී සිටි විරෝධතාකරුවෝ

චීනය සමඟ ඇති කර ගත් වෙළඳ ගිවිසුමට විරෝධය පාමින් දස දහස් ගණනක් තායිවාන ජනතාව තායිපෙයි අගනුවර වීදි බසිති.

තායිවාන උද්ඝෝෂකයන් කියා සිටින්නේ චීනය සමඟ ඇති කර ගත් වෙළඳ ගිවිසුම නිසා තායිවානය චීනයේ යැපෙන්නෙකු පවට පත් වන බවයි.

නමුත් මෙම වෙළඳ ගිවිසුම තායිවාන ආර්ථිකයට යහපත් වන බව තායිවාන අගමැති මා ඉංග්‍-ජිඕ අවධාරණය කර සිටියි.

චීනය සමඟ ඇති කර ගත් ගිවිසුමට විරෝධය පා පසුගිය සති දෙක පුරා තායිවාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළට කඩා වැදී සිටි ශිෂ්‍යයින්ගේ සහයෝගයෙන් මෙම උද්ඝෝෂණය දියත් විය.

කළු පැහැති කමිස හැඳ සිටි බොහෝ විරෝධතාකරුවෝ කහ පැහැති නළල් පටයකින් සැරසී සිටියෝය.

‘ප්‍රජාතන්ත්‍රවාදය රකිනු’ , ‘වෙළඳ ගිවිසුම හකුළා ගනු’ ආදී සටන් පාඨ කියමින් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂකයන් පෙළපාලියේ යෙදුනු බවයි වාර්තා වන්නේ.

Image copyright AFP
Image caption ‘ප්‍රජාතන්ත්‍රවාදය රකිනු’ , ‘වෙළඳ ගිවිසුම හකුළා ගනු’

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර