ජපානය අවි අපනයනයට සැරසෙයි

Image copyright AFP
Image caption ජපානය මෙම තීරණයට ගෙන ඇත්තේ වසර පනහකට පසුව ප්‍රථම වතාවට

රාජ්‍ය ආරක්ෂාවට සම්බන්ධ කර්මාන්ත බල ගැන්වීමේ පියවරක් ලෙස අවි ආයුධ අපනයනය කිරීම පිළිබඳව තිබූ සීමා ළිහිල් කිරීමට ජපානය තීරණය කර තිබේ.

ජපානය මෙම තීරණයට ගෙන ඇත්තේ වසර පනහකට පසුව ප්‍රථම වතාවටයි.

මීට පෙර ජපානය, එක්සත් ජනපදයට තාක්ෂණය ලබා දුන් නමුත් අවි ආයුධ අපනයනයට ස්වයං සීමා පනවා ගෙන සිටියේය.

නමුත් ජපානයේ මේ නව පිළිවෙත පිළිබඳව දැඩි අවධානය යොමු කරන බවයි චීනය පවසන්නේ.

නැගෙනහිර චීන මුහුදේ ඇති දුපත් වල අයිතිය පිළිබඳව මෙම රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික මතභේද පවතී.

යුධ හමුදා උපකරණ අපනයනය කිරීමට පනවා තිබූ සීමාවන් ඉවත් කිරීම ඇමරිකාව සහ අනෙකුත් මිත්‍ර රටවල් සමග ආරක්ෂක සහයෝගීතාවයක් ඇති කර ගැනීමේ මුල් පියවරක් ලෙසටයි සැලකෙන්නේ.

ජාත්‍යන්තර සහයෝගය වෙනුවෙන් හේතු වන සහ ජපානයේ ජාතික ආරක්ෂාව සහතික කෙරෙන අපනයනයන් පමණක් සිදු කරන බව ජපානය පැවසීය.

යුද ටැංකි හෝ ගුවන් යානා වැනි දේ අපනයනය කිරීමේ බලාපොරොත්තුවක් තමනට නැති බව ඔවුන් අවධාරණය කරයි.

කෙසේ වුවද මේ නව ප්‍රවේශය දෙස ඉතාමත් සැකයෙන් යුතුව චීනය අවධානයෙන් සිටී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර