උද්ඝෝෂකයන් මරා දැමු බවට හිටපු ජනපතිට චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අප්‍රේල් 3 බ්‍රහස්පතින්දා - 17:31 GMT

උද්ඝෝෂණවලදී සියයකට අධික පිරිසක් මරණයට

පසුගිය පෙබරවාරියේ යුක්රේනයේ අගනුවර පැවති විරෝධතාවල දී එරට කැරලි මර්දන පොලිසිය විසින් උද්ඝෝෂකයන් විශාල පිරිසක් මරා දමා ඇති බව යුක්රේන අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ප්‍රකාශ කළේය.

කැරලි මර්දන පොලිසියට අයත් එක් තුවක්කුවකින් පමණක් පුද්ගලයන් අට දෙනෙකු මරා දමා ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි ද ඔහු මාධ්‍යවේදීන් හමුවේ තවදුරටත් කියා සිටියේය.

මේ අතරතුර යුක්රේන යුක්රේන අගමැති අර්සේනියි යට්සෙන්යුක් කියා සිටියේ මෙම මරණවලට, බලයෙන් පහ කල ජනාධිපති වික්ටර් යනුකොවිච් සහ ඔහුගේ ආධාර කරුවන් වගකිය යුතු බවයි.

මේ වන විට විසුරුවා ඇති කැරලි මර්දන පොලිසියේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා විය.

හිටපු ජනාධිපති වික්ටර් යනුකොවිච්ට එරෙහිව දියත් වූ උද්ඝෝෂණවලදී සියයකට අධික පිරිසක් මරණයට පත් බවයි වාර්තා වුනේ.

එක් තුවක්කුවකින් පමණක් පුද්ගලයන් අට දෙනෙකු මරා දමා ඇති බව

බලයෙන් පහ කල ජනාධිපති වික්ටර් යනුකොවිච්

මේ වන විට විසුරුවා ඇති කැරලි මර්දන පොලිසිය

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.