‘බල ශක්තිය දේශපාලන අවියක් කර නොගන්න’

Image copyright Reuters

යුක්‍රේනයට සපයන ගෑස් මිල දැනට පවතින තත්වයට වඩා දෙගුණයකට ආසන්න මට්ටමකින් වැඩි කිරීමට රුසියාව ගෙන ඇති තීන්දුව යුක්‍රේන් අගමැති අර්සේනියි යත්සෙන්යුක් විසින් බලවත් දෝෂ දර්ශනයට ලක් කරනු ලැබ ඇත.

යුක්‍රේන් අගමැතිවරයා චෝදනා මුඛයෙන් පවසන්නේ රුසියාව ආර්ථික ආක්‍රමණයක නිරත වෙන බවයි.

රුසියානු හිතවාදී හිටපු ජනාධිපති වික්තර් යනුකොවිච් නායකත්වය දුන් යුක්‍රේන් ආණ්ඩුව පසුගිය මාසයේ නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව, රුසියාව දැන් තම රටට දඬුවම් කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවයි අගමැති අර්සේනියි යත්සෙන්යුක් පවසන්නේ.

දේශපාලන අවියක්

රුසියාවේ ගෑස් ඒකාධිකාරය හිමි ‘ගාස්ප්‍රොම්’ ව්‍යාපාරය මේ සතියේ සිදු කල මිල වැඩි කිරීම් අනුව වෙනත් යුරෝපීය ගැනුම් කරුවන්ගෙන් අය කරන මිලට වඩා වැඩි මිලක් ඔවුහු යුක්‍රේනයෙන් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.

දේශපාලන අවනතභාවය දිනා ගැනීමේ ආයුධයක් හැටියට බලශක්ති මිල පාවිච්චි කරනු ලැබීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයත් ඊයේ සිකුරාදා රුසියාවට අනතුරු ඇඟවීමක් කර තිබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර