ඇමරිකාවෙන් ජපානයට තවත් යුද නැව්

Image copyright AP
Image caption එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චක් හේගල් ටෝකියෝ නුවරදී

චීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සැලකිල්ලට ගනිමින් ජපානයට ලබා දෙන හමුදා සහයෝගය වැඩි කිරීමට එක්සත් ජනපදය තීරණය කර තිබේ.

ජපානයේ රඳවා ඇති ඇමරිකානු නාවික බල ඇණිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා වසර 2017 වන විට තවත් මිසයිල නාශක නෞකා දෙකක් ජපානයට යවන බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චක් හේගල් ටෝකියෝ නුවරදී ප්‍රකාශ කළේය.

චීනය වර්තමානයේ මහා බලවතකු වී ඇති බවත් එම බලය සමඟම වැඩි වගකීම් ද පැවරෙන බවත් පවසමින් චක් හේගල් චීනයට අනතුරු අඟවා සිටියේය.

අසල්වැසි රටවලට ගරු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව චීන නායකයන් සමඟ සාකච්ඡා කරන බවද එක්සත් ජනපද ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චක් හේගල් ලබන සතියේදී චීනයේ සංචාරය කිරීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර