බෞද්ධ හිමි නමකටත් අසුනක්

Image copyright AFP
Image caption එක් ආසනයක් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් වෙන් කර තිබේ

පුරා මාසයකට වැඩි කාලයක් නොකඩවා පැවැත්වෙන ලෝකයේ විශාලතම මැතිවරණය වන ඉන්දියානු මැතිවරණයේ හතරවැනි අදියර සඳහා ඡන්ද දායකයෝ ඡන්ද පොළවල් කරා ඇදෙමින් සිටිති.

සීකිම් නමැති කුඩා හිමාලයානු ප්‍රාන්තයෙහි ද ඡන්ද විමසීම අද සෙනසුරාදා සිදු කෙරෙන අතර මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන්ට මෙන්ම ප්‍රාදේශීය සභා සඳහා තරඟ වදින අපේක්ෂකයන්ට ද තම කැමැත්ත ප්‍රකාශ කිරීමට එම ප්‍රාන්තයේ ඡන්ද දායකයන්ට අවස්ථාව ලැබේ.

"සංඝ" නමින් ආසනයක්

සීකිම් ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයේ එක් ආසනයක් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙනුවෙන් වෙන් කර තිබේ.

සංඝයා වහන්සේලා වෙනුවෙන් වෙන්කර ඇති මෙම ආසනය "සංඝ" යනුවෙන් නම් කර ඇති අතර සිකීම් ප්‍රාන්තයේ බෞද්ධ විහාරස්ථාන 51 කට අයත් භික්ෂුන් වහන්සේලා 3.096 නමක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටිති. භික්ෂුණීන් වහන්සේලා 34 නමක් ද මීට ඇතුළත් බව පැවසේ.

ඕනෑම විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමකට ඕනෑම පක්ෂ සලකුණක් යටතේ තරඟ කිරීමට අවස්තාව ලැබෙන අතර ඡන්දය දෙන ස්වාමීන් වහන්සේලා ගේ පහසුව පිණිස කාන්තාවන්ට වෙනම පෝලිමකින් ගොස් ඡන්දය දීමට කටයුතු සලස්වා තිබේ.

මාවෝ වාදීන් ගෙන් ප්‍රහාරයක්

එහෙත් පැවිදි පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වීම අනුමත නොකරන ඇතැම් භික්ෂුන් වහන්සේලා පවසන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් බවයි.

ශ්‍රී ලාංකිකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ද සීකිම් ජාතික භික්ෂුවකි.

මෙම මැතිවරණය හා සම්බන්ධ සිදුවීමක් මධ්‍යම ඉන්දියාවේ ‘චට්ටිස්ගාර්’ ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එහි දී මාවෝවාදී කැරළිකරුවන් විසින් එල්ල කරන ලද ප්‍රහාර දෙකකින් පුද්ගලයින් නව දෙනෙකු මරා දමනු ලැබ ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර