බුරුම නිදහස් සටනේ නායකයෙක් සමු ගනී

Image copyright AP

අවුන් සාං සුකි සමඟ එක්ව බුරුම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය නිර්මාණය කිරීමෙහි ලා පුරෝගාමී වූ වින් ටින්(Win Tin) අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කෙරිණ.

මාධ්‍යවේදියකු ද වන වින් ටින්, බුරුමයේ දීර්ඝතම කාලයක් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි දේශපාලන සිරකරුවා ද වෙයි.

අවිරුදු විස්සකට ආසන්න කාලයක් ඔහු සිර භාරයේ තබා තිබුණි.

බුරුම යුද හමුදා පාලකයන් විසින් වින් ටින්ට එරෙහිව චෝදනා නගා තිබුණේ ආණ්ඩු විරෝධී ප්‍රචාරක කටයුතු වල නිරත වීම සම්බන්ධයෙන්.

අත් නොහළ නිල් කමිසය

මෙයින් අවරුදු පහකට පෙර බුරුම යුද හමුදා පාලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමාවක් යටතේයි, වින් ටින් නිදහස් ලෝකයට අවතීර්ණ වුණේ.

එහෙත් බුරුම යුද හමුදා පාලනයට එරෙහි සිය අධිෂ්ඨානය අත් නො හළ ඔහු එම පාලනයට සිය විරෝධය පළ කිරීමේ සංකේතයක් වශයෙන් තම නිල් පැහැති සිර කමිසයෙනුයි දිගටම සැරසී සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර