‘රුසියාවට අවශ්‍ය තුන්වැනි ලෝක යුද්ධයක්’ - යුක්රේනය

Image copyright Reuters

යුක්රේන් අර්බුදය මුල්කර ගනිමින් සුවිශේෂී රුසියානු වැසියන් සහ ආයතන තෝරා ගනිමින්, ඔවුන් ඉලක්ක කොට පනවන ලද සම්බාධක පල රහිත වීමට ඉඩකඩ ඇතැයි ජනාධිපති බරක් ඔබාමා පවසයි.

දකුණු කොරියාවේ සිදු කරන සංචාරයක් අතරවාරයේ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, රුසියාව නැගෙනහිර යුක්රේනයේ යුදමය මෙහෙයුම් ආරම්භ කළොත් එක්සත් ජනපදය සහ ඇයගේ යුරෝපීය සගයන් රුසියානු ආර්ථිකයේ මර්මස්ථාන වලට බලපාන මට්ටමින් තවත් සම්බාධක පැනවිය යුතු බවයි.

කෙසේ වෙතත් අර්බුදයට තුඩු දුන් හේතුවේ වෙනසක් වන හෙයින් රුසියාව යුක්රේනයෙන් ඉවත් වීම වැදගත් පියවරක් වන බවත් ජනාධිපති බරක් ඔබාමා කියා සිටියි.

රුසියාවෙන් චෝදනා

යුක්රේන් බලධාරීන් විසින් රටේ නැගෙනහිර කලාපයේ ගෙන යන ආරක්ෂක මෙහෙයුම රුසියාවේ විදේශ ඇමති සෙර්ගෙයි ලව්රෝෆ් විසින් යළිත් හෙලා දකින ලද බවක් ද වාර්තා වෙයි.

Image copyright AP

‘කීව්’ පාලකයන් තමන්ගේම ජනතාවට එරෙහිව යුද වැද සිටින බවයි’ රුසියානු විදේශ ඇමතිවරයා පවසන්නේ.

මෙයින් සතියකට පෙර ගිවිස ගත් පරිදි, යුක්රේන් අර්බුදයේ ගැටුම්කාරී උණුසුම අවම කිරීමට රුසියාව පියවර ගෙන ඇති බවත් සෙර්ගේයි ලව්රෝෆ් කියා සිටියි.

ඇමෙරිකාවේ අප්‍රසාදය

මේ අතර යුක්රේන් අගමැති ,අර්සෙනි යත්සෙනික් (Arseny Yatsenik) කියා සිටියේ, යුක්රේනය දේශපාලනමය සහ යුදමය වශයෙන් යටත් කර ගනිමින් තුන් වැනි ලෝක යුද්ධයක් ආරම්භ කිරීමට මොස්කව් පාලනයට උවමනා වී ඇති බවයි.

සතියකට පෙර ගිවිස ගත් පරිදි යුක්රේන් යුද උණුසුම අවම කරනු ලැබීමට උදව් වෙන එකදු පියවරක් වත් ගැනීමට රුසියාව අසමත් වී ඇති බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියාවට චෝදනා කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර