ඉන්දීය අගමැතිවරයාගේ කාර්යාලයේ ගින්නක්

Image copyright AFP

දිල්ලි අගනුවර පිහිටි ඉන්දීය අගමැතිවරයාගේ කාර්යාලය තුල හට ගත් ගින්නක් නිවා දැමූ බව ගිනි නිවන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අගමැති කාර්යාලයේ අද උදෑසන දුමක් පිටවෙන බව සොයා ගෙන ඇත.

නමුත් එම අවස්ථාවේදී ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං නොසිටි බවටයි වාර්තා වන්නේ.

ගිනි නිවන හමුදා රථ හයක් එම ස්ථානයට යවන ලද අතර විනාඩි ගණනක් ඇතුළතදී ගින්න මැඩ පැවැත්වූ බවයි නිලධාරීන් පැවසුවේ.

පරිගණකයක හටගත් විදුලිය කාන්දුවීමක් ගින්න හට ගැනීමට හේතු වී ඇති බව නිලධාරීහු පැවසූහ.

එම සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුවී හෝ අලාභ හානියක් හෝ සිදුවී නොමැත.

“එය අගමැතිතුමාගේ කාර්යාලයේ බිම් මහලේ හට ගත් කුඩා කුඩා ගින්නක්. අපිට පණිවිඩය ලැබුනා උදේ 06.25 ට,” දිල්ලි ගිනි නිවන හමුදාවේ අධ්‍යක්‍ෂ ඒ.කේ.ශර්මා Press Trust of India ප්‍රවෘති සේවයට පැවසුවේය.