'තායි' මැතිවරණ කල් තබන මෙන් ඉල්ලීමක්

Image copyright Reuters

ලබන ජූලි මාසයේ පැවැත්වීමට නියමිත මහමැතිවරණය කල් තබන මෙන් තායිලන්ත විපක්ෂය ඉල්ලා සිටයි.

එහෙත් එම ඉල්ලීම තායිලන්ත ආණ්ඩුවේ ඇමතිවරයකු විසින් බැහැර ලනු ලැබුණි.

විපක්ෂ නායක අභිෂිත් විජ්ජාජීව ඉල්ලා සිටියේ,අගමැතිනි යින්ලුක් සිනවත් පදවියෙන් ඉවත්ව, භාරකාර ආණ්ඩුවක් යටතේ මාස හයකට පසුව මහමැතිවරණය පවත්වන ලෙසයි.

සෙනේට් සභාවේ ප්‍රධානියා වැනි මධ්‍යස්ථ නායකයකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන තාවකාලික පරිපාලනයක් යටතේ මාස හයක කාලයකට පසුව මහමැතිවරණය කැඳවිය යුතුය යන්න විපක්ෂ නායකයාගේ යෝජනාවයි.

එම යෝජනාව අනුව අගමැතිනි යින්ලුක් සිනවත් පදවියෙන් ඉවත් විය යුතුව ඇත.

භාරකාර ආණ්ඩුවක්

Image copyright Getty
Image caption අගමැතිනි සිනවත්

නිදහසේ හුස්ම ගනිමින් සංසුන් වීමට කාලයක් අවශ්‍ය බවයි, විපක්ෂ නායක අභිෂිත් විජ්ජාජීව කියා සිටින්නේ.

එහෙත් තායිලන්ත අධ්‍යාපන ඇමති,චතුරෝන් චයිසෙන්ග් පවසන්නේ, විපක්ෂ නායකයාගේ ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි.

ඇමතිවරයා කියා සිටියේ එවැනි පියවරක් ගනු ලැබීම යුද හමුදා කුමන්ත්‍රණයක බලපෑමකට සමාන දෙයක් වන බවයි.

පසුගිය පෙබරවාරි මාසයේ පැවැත්වුන මහමැතිවරණය, තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් අවලංගු කරන ලද බැවිනුයි, නව මහමැතිවරණයක් කැඳවීමට සිදු වී තිබෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර