ශෝකයට පත් ඥාතීන්ගේ අවසාන බලාපොරොත්තුව කිමිදුම්කරුවන්

Image copyright AP

දකුණු කොරියානු ජනපති පාර්ක් ගෙඋන් හයි මීට සති තුනකට පෙර මුහුදුබත් වූ කොරියානු නැවේ සිට අතුරුදහන් වූ මගීන්ගේ ඥාතීන් හමු වුණා.

කොරියානු ජනපතිගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද එම හැගීම්බර හමුවේ දී අනතුරට වගකි යුත්තන්ට දැඩි දඬුවම් ලබා දෙන බවට ජනපති ඥාතීන් හමුවේ ප්‍රතිඥා දී ඇති බව වාර්තා වේ.

අවසාන බලාපොරොත්තුව

ජනපති පාරක් ගෙඋන් අනතුර සිදු ජින්ඩෝ දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් කිමිදුම් කරුවන් හමු වී කියා සිටියේ ශෝකයෙන් පසු වන ඥාතීන්ගේ අවසාන බලාපොරොත්තුව කිමිදුම් කරුවන් බවයි.

ගිලුණු නැව තුළ තිබී මෘත ශරීර දෙසීය හතළිස් හතරක් මේ වන විට සොයා ගෙන තිබේ.ඒ අතරින් වැඩි පිරිසක් පාසල් සිසුන් වන අතර ඉතිරි හැට දෙනෙකු පමණ පිරිස පිළිබඳ තවමත් තොරතුරක් නැහැ.

පසු ගිය අප්‍රේල් දාසය වන දා අනතුරට පත් මගී නෞකාවේ කපිතාන් ඇතුළුව හත් දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.