නීතිඥ ඝාතනය ගැන ඇමරිකාව විමසයි

Image copyright AFP
Image caption නීතිඥ රෂීඩ් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි බවයි ඇමරිකාව පවසන්නේ

දෙවියන්ට අපහාස කළා යැයි චෝදනා ලැබූ ගුරුවරයකු වෙනුවෙන් පෙනී සිටි නමගිය පකිස්තාන් නීතිඥවරයකු මරා දැමීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි ඇමරිකාව පකිස්තාන් බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක්, ඝාතනයට ලක් වූ නීතිඥ රෂීඩ් රෙහ්මාන් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි අයෙකු ලෙසටයි හඳුන්වා ඇත්තේ.

බදාදා රාත්‍රියේ මුල්තාන් නගරයේ දී නීතිඥ රෂීඩ් වෙඩිතබා මරා දමා තිබුණේ ඔහු තම කාර්යාලයේ සිටියදී.

මහමත් නබි නායකතුමාට අපහාස කළ බවට පසුගිය මාර්තු මාසයේ මුස්ලිම් අන්තවාදීන් ගේ චෝදනා වට ලක්වූ ගුරුවරයෙකු වෙනුවෙනි, මරා දැමුණු නීතිඥවරයා පෙනී සිට ඇත්තේ.

එම ඝාතනය ට එරෙහිව පකිස්තානය පුරා මානව හිමිකම් ක්‍රියාධරයන් හා නීතිඥයන් විසින් විරෝධතා පවත්වනු ලැබිණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර