අනතුරින් 'දුකට පත්' උතුරු කොරියානු නායකයා

Image copyright Getty
Image caption අනතුර හේතුවෙන් නායක කිම් ජොන්ග් උන් ඉතා දුකට පත්ව නිදි වර්ජිතව රැය පහන් කළ බව උතුරු කොරියානු මාධ්‍ය පවසයි

පියෝන්ග්යැන්ග් අගනුවර මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීම සම්බන්ධයෙන් උතුරු කොරියාවේ ආණ්ඩුව මහජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය.

උතුරු කොරියාවේ බලධාරීන් මෙසේ සමාව ඉල්ලීම ඉතා දුර්ලභ අවස්ථාවක්.

සතියකට ඉහත දී සිදු වුන අනතුරින් පුද්ගලයින් ගණනාවක් මිය ගිය බවයි පැවසෙන්නේ. අනතුර මුලින්ම වාර්තා වූ අවස්ථාවේ රජයේ මාධ්‍යය අනතුරට පත් වූවන් පිළිබඳ කිසිවක් සඳහන් නොකළේය.

ඉන්පසුව අනතුරට වග කිව යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නම්කළ උතුරු කොරියාව ගොඩනැගිලි ඉදි කිරීමේ කටයුතු හා අධීක්ෂණය පිළිබඳ නිසි අවධානය යොමු නොකිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.

මහල් විසි තුනකින් යුත් නිවාස සංකීර්ණය ඉදි කෙරෙමින් තිබිය දී පවුල් පදිංචි වීම හේතුවෙන් මිනිසුන් සිය ගණනක පිරිසක් මරුමුවට පත් වීමට ඉඩ තිබුණු බවයි, අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියාව පවසන්නේ.

මේ අතර අනතුර පිළිබඳව සැලවූ මොහොතේ සිට උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන් ඉතා දුකට පත්ව නිදි වර්ජිතව රැය පහන් කළ බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර