අතුරුදහන් වූ දැරිය වසර දහයකට පසු නිවෙසට

Image copyright SANTA ANA POLICE
Image caption අත් අඩංගුවට ගත් ඉසිද්රෝ ග්‍රාසියා

අතුරුදහන් වූ බවට වාර්තා වූ තරුණියක් වසර දහයකට පසු නැවත දකුණු කැලිෆෝනියාවේ තම පවුලේ සාමාජිකයන් හා එක් වෙයි.

ඇය නිවසෙන් අතුරුදහන් වී ඇත්තේ වයස අවුරුදු පහළොවේ දීයි.

තම සොහොයුරිය ෆේස් බුක් වෙබ් අඩවියේ සොයා ගැනීමෙන් පසු ඇය පොලීසියට පවසා ඇත්තේ වසර දහයකට පෙර තම මවගේ පෙම්වතා විසින් තමන් පැහැර ගෙන ගොස් විවාහ කර ගැනීමට බල කළ බවයි.

පැහැර ගැනීම සිදු කළ හතළිස් එක් හැවිරිදි ඉසිද්රෝ ග්‍රාසියා නමැති පුද්ගලයා, පැහැර ගැනීම, දූෂණය කිරීම සහ නිවාස අඩස්සියේ තබා ගැනීම යන චෝදනා යටතේ අත් අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේය.

තරුණිය තව දුරටත් කියා සිටියේ පැන යාමට ගත් උත්සාහයන් වල දී තමන් දිගටම ශාරීරික සහ මානසික වධ හිංසනයට ලක් වූ බවයි.

තම පවුල තමන් සෙවීමේ උත්සාහය අත්හැර දමා ඇති බව ඔහු දිගින් දිගටම කියා සිටි බවත් ඇය ප්‍රකාශ කළාය.