ඉන්දීය රජෙකුගේ මුද්දකට ලන්ඩනයේදී ඉහල මිලක්

Image copyright christies
Image caption 1799 දී ඉංග්‍රීසින්ට එරෙහිව පැවති යුද්ධයකදී මෙම රජු මරණයට පත් වීමෙන් පසු ඔහු අත තිබූ මුද්ද බ්‍රිතාන්‍ය ජනරාල්වරයෙකු විසින් ගලවා ගනු ලැබ ඇති බවයි විශ්වාස කෙරෙන්නේ

දහ අට වැනි සියවසයේ ඉන්දියාවේ සිටි රජවරයෙකුට අයත් රත්‍රන් මුදුවක් ලන්ඩන් නුවර පැවති වෙන්දේසියකදී ඩොලර් දෙලක්ෂ හතළිස් දහසකට අධික මුදලකට විකිණී තිබේ.

මැණික් ඔබ්බවන ලද මෙම රන් මුදුව තිප්පු සුල්තාන් නම් මුස්ලිම් රජුට අයත් බවයි සැලකෙන්නේ.

රාම් නමැති හින්දු දෙවියන්ගේ නම කොටා ඇති හෙයින් මෙම රන් මුද්දේ වටිනාකම ඉතා ඉහළ බව සඳහන්.

මේ හේතුව නිසා ඇතැමුන් පවසන්නේ මෙම මුස්ලිම් රජු හින්දු වරුන්ට වැඩි දයාවක් දක්වා ඇති බවයි.

එවකට ඉන්දියාවේ පැවති බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් කළ රජෙක් හැටියට තිප්පු සුල්තාන් ඉතිහාස ගත වී තිබේ.

1799 දී ඉංග්‍රීසින්ට එරෙහිව පැවති යුද්ධයකදී මෙම රජු මරණයට පත් වීමෙන් පසු ඔහු අත තිබූ මුද්ද බ්‍රිතාන්‍ය ජනරාල්වරයෙකු විසින් ගලවා ගනු ලැබ ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.