නරේන්ද්‍ර මෝඩි - නවාස් ෂරීෆ් සාකච්ඡා

Image copyright Reuters

ඉන්දීය නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ පාකිස්තාන් අගමැති නවාස් ෂරීෆ් අතර සාකච්ඡා ආරම්භ වෙයි.

නව ධූරයේ වැඩ භාර ගෙන සිය කාර්යාලයේ පූර්ණ වශයෙන් ගත කළ අද පළමු දිනයේ පැවති මේ සාකච්ඡා න්‍යෂ්ටිකව සන්නද්ධව සිටින බලවතුන් අතර පවතින නිරන්තර ගැටුම්කාරී තත්වය සමනය කර ගැනීමේ සංඥාවක් ලෙසටයි විශ්ලේෂකයන් දකින්නේ.

එකසිය හැට හය දෙනකුට මරු කැඳවමින්, මීට වසර හයකට පෙර මුම්බායි නගරයේ එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ දෙරට අතර සබඳතා බිඳ වැටුණි.

කෙසේවෙතත් නායකයන් දෙදෙනා අතර පැවතී සාකච්ඡා පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

ඉන්දීය නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි, සිය තනතුරේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගීවූ සෙසු අසල්වැසි රටවල නායකයන් සමගද සාකච්ඡා පවත්වා ඇත.