'නිදහස්', එහෙත් දේශපාලනය තහනම්

Image copyright AFP
Image caption ...නිදහස් කර ඇත්තේ දේශපාලන ක්‍රියාකාරකම් වලින් වැලකී සිටීමේ කොන්දේසිය මතයි

පසුගිය සතියේ තායිලන්ත හමුදාව විසින් රටේ පාලන බලය අත්පත් කර ගැනීමත් සමග රැඳවුම් භාරයට රැගෙන සිටි එකසිය විස්සකට අධික දේශපාලනඥයින්, ක්‍රියාධරයන් සහ විද්වතුන් පිරිසක් නිදහස් කළ බව තායිලන්ත හමුදාව ප්‍රකාශ කරයි.

එසේවුවද, හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කළේ තවත් පුද්ගලයන් ගණනාවක් දිගටම රැඳවුම් භාරයේ තබා ඇති බවයි.

බීබීසී වාර්තාකරුවෙක් පැවසුවේ පෙනෙන ආකාරයට දැනට නිදහස ලැබූවන් එලෙස නිදහස් කර ඇත්තේ දේශපාලන ක්‍රියාකාරකම් වලින් වැලකී සිටීමේ කොන්දේසිය මතයි.

හමුදා භාරයට ගත් බලයෙන් පහකළ තායිලන්ත අගමැතිනී යින්ලක් සිනවත් දින කිහිපයකට පෙර නිදහස් කළ ද ඇතැම් සීමාවන්ට යටත් කොට ඇති බවයි පැවසෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර